Archives: ජූනි 2022

අඳුරු අවස්ථා, ගැඹුරු යාච්ඤා

“මට අඳුරු මොහොතක් තිබුණා” යන වචන කොවිඞ්-19 වසංගතය අතරතුර ජනප්‍රිය කීර්තිමත් කන්තාවකගේ අභ්‍යන්තර වේදනාව ග්‍රහණය කරයි. නව සාමාන්‍ය තත්ත්වයකට හැඩ ගැසීම ඇගේ අභියෝගයේ කොටසක් වූ අතර ඇගේ කැලඹීම තුළ ඇය සියදිවි නසා ගැනීමේ සිතුවිලි සමග පොර බදමින් සිටි බව ඇය පිළිගත්තාය. පහතට වැටෙන මානසික තත්ත්වය වන ඇගේ අරගලය ගැන සැළකිලිමත් වන මිතුරෙක් සමග ඇය එය බෙදා ගත්තාය.

අපි සියල්ලෝම කැලඹිලි…

කුරුසියෙන් ඔබ්බට යන්න

විසිවන සියවසේ මැද භාගයේ මධ්‍යම ඉන්දියාවේ කිතුනු නොවන අය සහ කිතුනුවන් අතර ගැටුම් ඉහළ මට්ටමක පැවතුණි. තෙමහල් ගොඩනැගිල්ලක මුදුනට නැග එහි වහලෙන් කුරුසිය කඩා දමන්නැයි තරුණයෙක්ට පවසන ලදී. එය සාර්ථක නොවීය. ඇත්ත වශයෙන්ම ඔහු වහලයෙන් පහළ වීදියට වැටී බරපතල තුවාල ලැබීය. ඔහුව රෝහලට ගෙන ගිය විට ඔහුව යේසුස්වහන්සේගේ ඇදහිලිවන්තයෙක් වූ රෝගියෙක් අසළ ඇඳක තබන ලද්දේය.

ඇදහිලිවන්තයා තුවාල වූ මිනිසාට කුරුසියෙන්…

දැඩි පියවර

මිචිගන් ප්‍රාන්තයේ පිහිටි අපගේ නිවසේ බිත්තියේ වසර ගණනාවක් පුරා විචිත්‍රවත් චාරිත්‍රානූකූල දුන්න සහ ඊතල කොපුව එල්ලා තිබුණි. අපි ඝානා රටේ මිෂනාරිවරුන් ලෙස සේවය කරන අතරතුර මෙම සිහිවටන ලබා ගත් මගේ පියාගෙන් මට ඒවා උරුම විය.

දවසක් ඝානා රටේ මිතුරෙක් අපව මුණගැසීමට පැමිණියේය. දුන්න දුටු විට ඔහුගේ මුහුණට අමුතු බැල්මක් ආවේය. එහි බැඳ තිබූ කුඩා වස්තුවක් පෙන්වමින් “ඒක මායාවක්. මා දන්නවා…

බහුලත්වය අවශ්‍යතා සපුරාලයි

විශාල ආහාර සැපයුම් ව්‍යාපාර මෙන් පාසැල් ආපන ශාලා බොහෝ විට පරිභෝජනයට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් පිළියෙල කරන්නේ ඔවුන්ට අවශ්‍යතාවය හරියට කිව නොහැකි නිසාය. ඒ හේතුවෙන් ඉතිරි වූ ආහාර අපතේ යයි. එසේ වුවද නිවසේ කෑමට ප්‍රමාණවත් ආහාරයක් නොමැතිව සති අන්තයේ බඩගින්නේ සිටින සිසුන් බොහෝය. එක් එක්සත් ජනපද පාසැල් දිස්ත්‍රික්කයක් මෙයට විසඳුමක් සෙවීම සඳහා දේශීය ලාභ නොලබන ආයතනයක් සමග හවුල් විය. ඔවුන්…

දෙවියන්වහන්සේ අප වෙනුවෙන් සටන් කරන සේක

කොලරාඩෝහී මවක් තම දරුවා ආරක්‍ෂා කිරීම සඳහා කිසි දෙයකට බිය නොවන බව ඔප්පු කළාය. ඇගේ පස් හැවිරිදි පුතා එළිමහනේ සෙල්ලම් කරමින් සිටියදී කෑ ගසන හඬ ඇයට ඇසුණි. ඇය පිටතට දිව ගිය අතර ඇගේ පුත්‍රයාට බලාපොරොත්තු රහිත මිතුරෙක් එනම් කඳුකර සිංහයෙක් එකතු වී ඇති බව දැක බියට පත් වූවාය. මෙම විශාල සත්ත්වයා ඇගේ පුතාගේ ඇඟ මත සිටි අතර දරුවාගේ හිස උගේ…